Saturday, January 4, 2025

General line - 0115112241

විශ්වාසභංගයට කලින් අගමැතිකමින් අයින් වෙන්න - නිදහස් පක්ෂයෙන් තීන්දුවක්

දිනුක් හේවාවිතාරණ / දිල්ශාන් තුෂාර




විශ්වාසභංග විවාදයට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහා මහතාට දැනුම් දීමට ඊයේ (02) රාත්‍රියේ ජනපතිගේ නිල නිවසේදී  රැස්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඒකමතිකව තීන්දු කල බවට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාකචිජා කිරීමෙන් පසු ගන්නා ලද මෙම තීරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හටද දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 42 දෙනාම සහභාගිවී තිබෙනවා. 

අද (03) දින අගමැතිවරයාව මුණගැසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණඩායම ගනු ලැබූ තීරණය දැනුම් දීමට නියමිත බව අමාත්‍යවරයා සදහන් කරනවා.