ථේරවාදී බුදුදහම වර්තමානයේ දී මෙරට තුල මුහුණ දෙන අභියෝග පිළිබඳව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ අවදානය යොමුවී තිබෙනවා.
එම අභියෝග සම්බන්ධයෙන් පැහැදිළි කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්.
විශේෂයෙන් විවිධ විෂමාචාරවලට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රමණ වෙස් ගෙන සිදුකරන ශාසන විරෝධී ක්‍රියා හේතුවෙන් සම්බුද්ධ ශාසනයට සහ සංඝයා වහන්සේලාට අපහාසයක් සිදුවන බවයි මහනායක හිමිවරුන් එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
මේ නිසා කඩිනම් පියවරක් ලෙස භික්ෂු හැඳුනුම්පත විධිමත් කර ශ්‍රමණ වෙස් ගත් පුද්ගලයන් සසුනෙන් බැහැර කිරීමට කාලය එළඹ ඇති බවත්, එම ලිපියේ උන්වහන්සේලා අවධාරණය කර තිබෙනවා.