යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රියක් යාපනය නෙල්ලිකුලම ප්රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර අනතුරට ලක්ව තිබෙනවා. එහිදී වයස අවුරුදු 55ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි යාපනය දුම්රිය ස්ථාන ප්රකාශකයෙකු nethnews.lk වෙත කියා සිටියේ.
නිතර මිනිස් ගැවසීමක් නොමැති ප්රදේශයක වූ දුම්රිය ගේට්ටුව හරහා ගමන් කිරිමේ දී අදාළ පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.