Saturday, January 4, 2025

General line - 0115112241

සාකච්ජා සාර්ථකයි..එකඟතා අද සිට ක්‍රියාත්මක නම් වැඩට එන්න සූදානම්

නිශාන් ද සිල්වා




උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් සමග ඊයේ (02) පැවති සාකච්ජාවේදී එළඹුනු එකඟතා අද (03) දිනය තුළ කි‍්‍රයාත්මක කෙරෙන්නේ නම් සිය වැඩවර්ජනය හෙට (04) සිට අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් පවසනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ කියා සිටියේ සාකච්ඡාවේ දී ගත් යම් යම් තීරණ සම්බන්ධයෙන් තමන් එකඟවූ බවයි.

අදාළ එකඟතාවයන් චක්‍රලේඛයක් මගින් නිකුත් කරන්නේ නම් තමන් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන බවද ඔහු කියා සිටියා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දැන් දින 35ක සිට වැඩවර්ජනයේ යෙදී සිටිනවා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල වල දේශන මෙන්ම පරීක්ෂණ කටයුතුද නතර වී ඇති බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ. ඇතැම් පරීක්ෂණ සඳහා සකස්කර තිබූ නියැදිද විනාශ වී තිබෙනවා. ඇතැම් පීඨ වල විභාග පවා කල් දැමීමටයි සිදුව ඇති බව සඳහන්.