Saturday, January 4, 2025

General line - 0115112241

සෘජු බදු ආදායම ඉහළ ගියොත් ඉදිරියේ දී අඩුකරන බද්ධ ගැන මුදල් ඇමති කියයි

පසන් වික්‍රමතිලක




රජයේ සෘජු බදු ආදායම අපේක්ෂිත ලෙස වැඩිකර ගැනීමට හැකි වුවහොත් ඉදිරි වසර දෙක තුළ වක‍්‍ර බදු අඩු කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඒ අනුව වැට් බද්ධ වුවද ඉවත් කිරීමට හැකිවනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ.

වක‍්‍ර බදු අඩු කිරීමට ඇති එකම ක්‍රමය ඍජු බදු ආදායම ඉහළ නැංවීමෙන් පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.බදු ආදායමෙන් සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ හැකි ඉදිරියේ දී වැට් බද්ධ ඉවත්කිරිමට ද හැකි වන බව අමාත්‍යවරයා කියා සිටියා.

දැනට පනවා ඇති වැට් බද්ධ ද සාධාරණ නොවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා එය ක්‍රමයෙන් අවම කිරිමට අපේක්ෂා කරන බවයි.

නව ආදායම් බදු පනත හඳුන්වා දුන්නේද රජයේ සෘජු බදු ආදායම වැඩිකර ගැනීමේ අපේක්ෂාවෙන් බවයි අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.