සිය ඉල්ලීම් වලට අද (03) උදෑසන 11 දක්වාත් විසඳුමක් නොලැබුනහොත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ගුවන්තොටුපොළ ශ්රි ලංකා නිදහස් සේවක සංගමය පවසනවා.
රුපියල් 10000 කින් සිය වැටුප ඉහළ දමන ලෙස තමන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් බලධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි එහි සභාපති එම්. ඩබ්ලිව්. පී. මොහන්දිරම් කියා සිටියේ.
එම නිසා කඩිනම් විසඳුමක් තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා. ගුවන් සේවාවට බලපාන ආකාරයෙන් සියළුම සේවකයන් වැඩවර්ජනයේ නිරත වන බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා .