එළඹෙන උත්සව සමයේදී අත්‍යාවශ්‍ය ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය පවසනවා. ආහාරවල මිළ ගණන් ඉහළ යාමක්ද සිදු නොවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ ආහාරවල මෙන්ම වෙනත් බොහෝ ද්රව්යයන්ගේද මිළ ගණන් අඩු වී තිබෙන බවයි.
කෙසේ වෙතත් වෙළඳපොළ ඉල්ලූම ඉකුත් වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බවද ඔහු පැවසුවා.
මේ අතර එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ජංගම රථ මගින්ද අලෙවි කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. වෙළඳුන් කූට ලෙස හිඟයක් ඇති කිරීමට හෝ මිළ ඉහළ දැමීමට උත්සහ කළහොත් එය වැලැක්වීම මෙහි අපේක්ෂාවයි.