Saturday, January 4, 2025

General line - 0115112241

බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සංගමයට ඇති වුණ සැකය

නිශාන් ද සිල්වා




බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටීම කිසියම් කුමන්ත‍්‍රනයක් දැයි ශ‍්‍රි ලංකා බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සංගමය සැක පළ කරනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පවසන්නේ ද්වේෂ සහගත පලිගැනීමක ප‍්‍රතිපලයක් ලෙස එමිල් රංජන් අත්අඩංගුවට ගෙන ඇතැයි පෙනී යන බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ ඉකුත් 2012 වසරේ ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කැරැල්ලට සම්බන්ධ පුද්ගලයින් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු ද්වේෂ සහගත ලෙස කටයුතු කරමින් අසත්‍ය ප‍්‍රකාශ ලබා දී ඊට අනුබල දී ඇති බවටයි බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සංගමය  චෝදනා කරන්නේ.

මේ පිළිබද සොයා බලා එමිල් රංජන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කරනවා.