Friday, September 20, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන පොලිස්පති තොරතුරු ඉල්ලයි




මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා සියල්ල ඍජුවම තමන් වෙත ලබාදෙන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ඉල්ලීමක් කරනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා පොලීසිය විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එය කි‍්‍රයාත්මකයි. ඒ අනුව 071 859 20 20 යන දුරකථන අංකයෙන් හෝ 071 859 20 22 යන අංකයෙන් එම තොරතුරු තමන් වෙත ඍජුවම ලබාදිය හැකි බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.