Wednesday, January 15, 2025

General line - 0115112241

ගෘහ සේවිකාව ඝාතනය කල හාමිපුතුන් යුවලට මරණ දඩුවම

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කුවේට් හි ගෘහ සේවයේ යෙදී සිටි පිලිපීන ජාතික තරුණියක් ඝාතනය කර සිය නිවසේ අධිශීතකරණය තුල සගවා තබා පලාගොස් සිටි ලෙබනන්-සිරියානු ජාතික යුවලකට කුවේට් අපරාධ අධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබෙනවා. එලෙස වැරදිකරුවන් වූ යුවලව එල්ලා මරණ ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම සැකකාර යුවල වසරකට අධික කාලයක් සැගවී සිටිය අතර කුවේට් ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසියේද සහය ඇතිව මෙම ඝාතනය සිදුකල නාදීර් අසෆ් යන අයව ලෙබනන් හිදී ද ඔහුගේ බිරිද වන මෝනා හසුන් සිරියාවේදීද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

පිලිපීන ජාතික ගෘහ සේවිකාවගේ ඝාතනයත් සමග පිලිපීනය හා කුවේට් රාජ්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මතභේදාත්මක තත්වයක්ද ඇතිවුනා. මෙම සිදුවීමෙන් පසු පිලිපීන ජනාධිපතිවරයා විසින් සිය රටේ ජනතාවට මැදපෙරදිග රටවල් වල ගෘහසේවයට යාමද තහනමි කරනු ලැබුවා.