Sunday, September 8, 2024

General line - 0115112241

සංක‍්‍රමණිකයින්ගේ පැමිණීම වැළැක්වීමට ට‍්‍රම්ප් හමුදාව යොදවයි

පවිත්‍රා මදුහර්ෂණි - බීබීසී ඇසුරෙන්




මෙක්සිකෝවට යාබදව පවතින අමරිකාවේ දකුණු දිග දේශසීමාවේ ආරක්ෂාව දැඩි කිරීමට හමුදාව යොදවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. මෙය දේශසීමා ආරක්ෂාවට වැදගත් පියවරක් බවත් හමුදාමය මැදිහත් වීමකින් එය සිදු කරන බවත් ධවල මන්දිරයේදී ඔහු ප‍්‍රකාශ කළා.

මෙක්සිකෝ දේශසීමාව හරහා සිදු කරන සංක‍්‍රමණික ආගමනය හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කරනවා. ඒ අනුව මෙක්සිකෝව සහ අමෙරිකාව අතර තාප්පයක් ඉදිකිරීමටද ජනාධිපති ට‍්‍රම්ප් සැලසුම් කළා.

කෙසේ වෙතත් මීට පෙර අමරිකාව පාලනය කළ ජෝර්ජ් බඞ්ලිව් බුෂ් මෙන්ම බරක් ඔබාමාද දේශ සීමා ආරක්ෂාව සඳහා හමුදාව යොදවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.