Tuesday, September 17, 2024

General line - 0115112241

ගෝඨාභයට පුළුවන් වුණාට මහේන්ද්‍රන්ට බැහැ - විශ්වාසභංග විවාදයේදී කියූ කතාව




ව්ශ්වාසභංග විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අවධාරණය කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයට පත් කිරීම නීතියට පටහැනි බවය. ඔහු පෙන්වා දෙන්නේ මෙරට කුමන හෝ රජයේ තනතුරක් දරන්නේනම් ඒ තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරනා බවට දිවුරුම් දියයුතු බවය. සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් එම දිවුරුම නොදුන් බවයි ඔහු පවසන්නේ. 

"සිංගප්පූරුවේ පුරවැසියකුට ද්විත්ව පුරවැසිභාවය ලබන්න බැහැ. එහෙම කෙනෙකුට වෙනත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනව කියල ප්‍රතිඥා දෙන්න බැහැ. ඒ නිසා මෙම පත්වීම වැරදි සහගතයි."

මේ අවස්ථාවේදී කුරුණැගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් රීති ප්‍රශ්නයක් මතුකරමින්, ගෝඨාභය රාජපක්ෂ රජයේ තනතුරු දැරීම සම්බන්ධයෙන් විමසුවා.

"අමෙරිකාව ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන රටක්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරනවා කියල දිවුරුම් දෙන්න බැරිකමක් නැහැ." යැයි පැවසුවා.