Tuesday, September 17, 2024

General line - 0115112241

අගමැති ඇතුලේ - හිටපු ජනපති එළියේ

ඉෂාර සුපෙම් මානගේ/සමන්ත කුමාර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි හිටපු ජනාධිපතිවරයා සභා ගර්භයට පැමිණ නොමැති අතර එහි පිටත රැඳී සිටින බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු විවාදය ආරම්භයේ දී සභා ගර්භයට පැමිණි අතර පසුව මද වේලාවකින් ඉන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා වරින් වර සභා ගර්භයට පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.