Friday, January 10, 2025

General line - 0115112241

හාම්පුතා ඝාතනය කළ ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකාවගේ සිරුර දිවයිනට

ටී කේ ජී කපිල




සිය හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකාවගේ මළ සිරුර සෞදි අරාබියේ සිට අද (17) මෙරටට එවා තිබුණා.  මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල , වදුරඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවයි. හාම්පුතා විසින් ඉකුත් මාර්තු මාසයේදී වෙඩි තබා, ඇය ඝාතනය කිරීමෙන් පසු ඔහු ද වෙඩි තබා ගෙන තිබුණා. 

මෙම මළ සිරුර භාර ගැනීමට පැමිණ සිටි, ඇයගේ ඥාතීන් මෙම මරණය පිළිබඳව තමන්ට සැකයක් ඇති වී ඇති බැවින් , පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කටුනායක ගුවන් තොටුපොළ පොලිසියෙන් ඉල්ලීමක් කර  තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කරන ලෙස නියෝග කළ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප‍්‍රකාශකවරයෙකු පැවසුවා.