Monday, April 29, 2024

General line - 0115112241

සිවිල් යුද්ධයක් ගැන ප‍්‍රංශයෙන් අනතුරු ඇඟවීමක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුරෝපය තුළ කි‍්‍රයාත්මක සිවිල් යුද්ධයක් පිළිබඳව ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් අනතුරු ඇඟවීමක් සිදු කළා. ඔහු පවසන්නේ ලිබරල්වාදය සහ නැගී එන ඒකාධිපතිත්වය අතර මෙම යුද්ධය  පවතින බවයි. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සිදු කරන කැපවීම් තවදුරටත් තීව‍්‍ර කරන ලෙසයි ප‍්‍රංශ ජනාධිපතිවරයා යුරෝපයෙන් ඉල්ලා සිටින්නේ. 

යුරෝපා පාර්ලිමේන්තුව තුළ උද්යෝගීමත් දේශනයක් සිදු කරමින් ජනාධිපති මැක්රන් මෙම අදහස් පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අතීතය අමතක කර නින්දෙන් ඇවිදින පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට තමාට අවශ්‍ය නැති බවයි ඔහු එහිදී පවසා ඇත්තේ. එම නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදුවූ යුරෝපා සංගමයේ පිබිදීම යළි ආවර්ජනය කර ගත යුතු බවයි ඔහු යුරෝපානු නායකයින්ට පවසා ඇත්තේ.