Friday, January 10, 2025

General line - 0115112241

ජනපතිගෙන් හෙළිදරව්වක්




ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි තොරතුරු වැඩි වශයෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් අතට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අන්තර්ජාලයේ පළවන තොරතුරු වලින් බහුතරයක් සත්‍ය තොරතුරු නොවන බවයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවිම සඳහා එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඊයේ (17) අමතමින්.

එලෙස ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි තොරතුරු ජාත්‍යන්තරයට ගලා යාම ගැටලූවක් ලෙස තමා දකින බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (18) පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබනවා. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අරමුණ සහිතව ජනාධිපතිවරයා සිය දේශනය පවත්වනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට (19) ආරම්භ වීමට නියමිතයි.