Friday, January 10, 2025

General line - 0115112241

අදත් විශේෂ ප්‍රවාහන සේවා

තරංග රුක්ෂාන් ජයසේකර




අලූත් අවුරුදු නිවාඩුව අවසන් කර ගම්බිම් බලා ගිය බොහෝ දෙනෙකු රාජකාරී ස්ථාන වෙත පැමිණෙන අද (18) දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාවට නංවා තිබෙනවා. අතිරේක දුම්රිය මෙන්ම අතිරේක බස්රථ සේවාද යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රසිරි සඳහන් කළේ අධිවේගී මාර්ගවල බස්රථ වලට වැඩි ඉල්ලූමක් පවතින බවයි. ඒ අනුව ධාවන කාලසටහන් සංශෝධනය කර වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

අවුරුදු නිවාඩුනේ පසු පෞද්ගලික බස් රථ සේවාවද යථාතත්ත්වය පත් වන්නේ අද (18) දිනයේ සිට බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ. එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ රාජකාරී ස්ථාන සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් ගැටලූවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබා දීමට හැකි බවයි.

ඉකුත් දින කිහිපයේම මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රියන් යොදවා තිබුණා. අද දිනයේද මගී අවශ්‍යතාව පරිදි අතිරේක දුම්රිය ගමන්වාර යොදවන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙවර අලූත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ හෙට (19) පෙරවරු 06.03යි.