Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වැරදි ජාත්‍යන්තරයට කියන සූකා දිවයිනට

වසන්ත පිවිතුරු




එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ නිලධාරිනි යෂ්මින් සූකා ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.  ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ලක් රජය කළ ඉල්ලීමකට අනුව යෂ්මින් සූකා මෙරටට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් සකස් කළ දරුස්මාන් වාර්තා කමිටුවේ යෂ්මින් සූකාද සාමාජිකත්වය දරනු ලැබුවා. යුද්ධයේ දී 40000ට අධික දෙමළ ජනයා ඝාතනයට ලක්ව ඇති බවයි අදාළ වාර්තාවේ දක්වා තිබුණේ.

ශ්‍රී ලංකාවේ හමුදාව මාවන හිමිකම් උල්ලංඝණය කර ඇති බවත් වගවීමේ ක්‍රීයාවලියේ සාර්ථකත්වයක් දක්වා නොමැති බවත් ඇය ජාත්‍යන්තරය හමුවේ තවදුරටත් හඬ නඟමින් සිටිනවා.