Friday, September 20, 2024

General line - 0115112241

මුහුණු වෙනස් වෙන සාකච්ඡාවක් අද

ඩිල්ෂාන් මඩවල




එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (19) නැවත රැස්වනවා. මෙහි මූලික සාකච්ඡාව ඉකුත් 12 වැනිදා පැවැත් වුණා.

නිලධාරී මණ්ඩලය වෙනස් කිරීම ඇතුලු ප‍්‍රතිසංවිධන පිළිබඳ එහිදී තවදුරටත් සාකච්ඡා කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල කියා සිටියේ.

අද සවස 3.30 ට අරලියගහ මන්දිරයේදී මෙම මණ්ඩලය රැස්වන අතර එහිදී ඉකුත් 12 වැනිදා සාකච්ඡාවට ගත් කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණවලට එළඹීම සිදු වෙනු ඇති. පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව වෙත කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමත් යෝජනා ගණනාවක් ලබා දී ඇති බවද සඳහන් කෙරුණා.  ඒ අනුව අප්‍රේල් මස 30 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂය නව මුහුණුවරකින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳවද අද රැස්වන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය සාකච්ඡා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.