Friday, September 20, 2024

General line - 0115112241

මීතොටමුල්ල කුණුකන්ද යළි ඉරිතලයි - අවධානමක් නැතැයි ඇමතිගෙන් සහතිකයක්




මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ඉඩම් අහිමිවූ, ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරමින් වන්දි ලබාගැනීමට ඉල්ලූම් කර ඇති ජනතාව සඳහා ඉතා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව, ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා. ඒ මහතා මෙම අදහස් පළකළේ, මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අද(19) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

 "වාහන 40 කට පමණ මෙම කුණු කන්ද නිසා අලාභානි සිදුවී තිබෙනවා. එයින් සමහර වාහනවල ලිපි ලේඛණ පවා ඉදිරිපත් කරන්න බැහැ. මේ හේතුවෙන් විශාල පිරිසකගේ ජීවන වෘත්තීන්ට තදබල පහරක් එල්ල වෙලා තිබෙනවා. මෝටර්රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුවක් මගින් අදාළ තොරතුරු කඩිනමින් ලබාගෙන, අලාභානි වූ වාහන සඳහා වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගන්න" යැයි පැවසීය.

තොටමුල්ල කුණු කන්දේ ඊයේ වාර්තා වූ සුළු ඉරිතැලීම පිළිබඳ කඩිනම් වාර්තාවක් සපයන ලෙස අමාත්‍යවරයා ප‍්‍රකාශකල අතර සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේ එම ස්ථානයට ගොස් සිටි අදාළ පර්යේෂණ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් එම ස්ථානයේ අවදානම් තත්ත්වයක් නොමති බව අමාත්‍යවරයා විසින් තහවුරු කරගනු ලැබුවා.. එමෙන්ම දැනට රජයෙන් ලබාදී ඇති නිවාස ලබානොගෙන නිවාස ආධාර ලබාගන්නා පිරිසගේ නිවාස ආධාර ලබාදීම, මැයි මස දක්වා දීර්ඝ කරන ලෙස අමාත්‍යවරයා අදාළ පිරිස් වෙත උපදෙස් ලබා දුන්නා.

මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමන්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.