Friday, January 10, 2025

General line - 0115112241

සංචාරකයින්ට පහරදුන් හෝටලයට මණ්ඩලයෙන් නියෝගයක්




මිරිස්ස ප්‍රදේශයේ සංචාරකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සර්ෆ් බා අවන්හල වසා දමන්න ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා නියෝග කළා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පූර්ණ පරීක්ෂණය අවසන් වෙන තුරුය.

මේ පිළිබඳ කෙරුනු මූලික පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇත්තේ අදාළ අවන්හල සංචාරක සංවර්ධන අධිකාරොයේ බලප්‍රත්‍ර රහිතව ක්‍රියාත්මක වුණු ව්‍යාපාරික ස්ථානයක් බවය. සංචාරක පනතට අනුව සංචාරකයන්ට සේවා සපයන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර තිබීම අනිවාර්යය වනවා.. පහර දීමේ සහ විදෙස් කතකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට 6 දෙනෙක් රිමාන්ඩ් භාරයට පත් කොට තිබෙනවා. පහර දීමේ සහ විදෙස් කතකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට 6 දෙනෙක් රිමාන්ඩ් භාරයට පත් කොට තිබෙනවා

ඒ වගේම එම සිද්ධියට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීනට අසමත් වීම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති වරයා මාරු කොට තිබෙනවා. එමෙන්ම මෙම සිද්ධියට මුහුණ දුන් විදේශිකයන්ට ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ලංකාවට පැමිණීමට පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබා දීමට එකඟවී තිබෙනවා.