Friday, September 20, 2024

General line - 0115112241

තොටළඟදී අල්ලාගෙන ඇත්තේ පූකුඩුකන්නාගේ ගෝලයින් (UPDATE)

හේමන්ත කහවලගේ




තොටළග ප‍්‍රදේශයේදී අද (20) උදෑසන අත්අඩංගුවට ගත් දෙදෙනෙනා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ බවටයි පැවසෙන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06ක් සොයා ගැනුණා. තියුණු ආයුධ කිහිපයක්ද ඔවුන් සතුව තිබූ බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් 23වන වියේ හා 26 වන වියේ පසුවන සැකකරුවන් කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම ගෝලයෙකු ලෙස සැලකෙන  පූකුඩුකන්නා නැමැත්තාගේ සමීපතමයින් බවද පැවසෙනවා. 

--------------------------------

20-04-2018 08:40

මාකඳුරේ මදූෂ් නමැති පාතාල නායකයාගේ තවත් ගෝලයින් දෙදෙනකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටලඟ ප්‍රදේශයේදීය