Friday, September 20, 2024

General line - 0115112241

අනියම් බිරියගේ කොණ්ඩය කැපූ කොස්තාපල්ට වැඩ වරදී

ජූඩ් සමන්ත - හලාවත




තම අනියම් බිරිඳට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුව මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්රාදත් රඛිත පී.අබේසිංහ ඊයේ (19) දා නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුවය. සැකකරු විසින් තමන්ට පහර දී තමන්ගේ වරලස කපා දැමූ බවට හලාවත - අඹකඳවිල පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් හලාවත පොලීසියට පැමිණිළි කර ඇත.

පැමිණිළිකාරියගේ සැමියා ඇයව අතහැර ගොස් ඇති බවත්, පසුව ඇය හා සැකකරු අතර වසර 02 ක පමණ කාලයක් අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවත් පොලීසිය පවසනවා. සිංහල අළුත් අවුරුදු සමයේ අනියම් බිරිදගේ නිවසට සැකකාර පොලිස් කොස්තාපල්වරයා පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත්,එම අවස්ථාවේදී සැකකරු විසින් පැමිණිළිකාරියට පහර දී ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.

පසුගිය 16 වැනිදා නැවත සැකකරු පැමිණිළිකාරියගේ නිවසට පැමිණ ඇය සමග බහින් බස්වීමක් ඇති කරගෙන ඇයගේ වරලස කපා දමා ඇති බවත් පොලීසිය විසින් අධිකරණයට පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනවා.wksh