Friday, September 20, 2024

General line - 0115112241

දින පැන්නත් බලය පිහිටුවන්න බැරි වුණ පුංචි ආණ්ඩු දෙකක්




පලාත් පාලන ආයතන ස්ථාපනය කිරීම සඳහා වූ කාලසිමාව අදින් අවසන් වනවා. ඉකුත් පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව එම ආයතනවල බලය පිහිටුවීමේ කටයුතු ඉකුත් මාර්තු 20 වනදා ආරම්භ වුණා.

කිසියම් පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි වී ඇත්නම් ඒ පළිබඳ දැනුම් දෙන ලෙස පලාත් කොමසාරිස්වරුන් දැනුවත් කර ඇතැයි පලාත් පාලන අමාත්‍යාංශය පැවසුවා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ එවැනි කිසිඳු ගැටලූවක් පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් දැනුම් දී නොමැති බවයි.

කෙසේවෙතත් හම්බන්තොට මහ නගර සභාවේ හා මහනුවර පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පමණක් මෙතෙක් බලය පිහිටුවීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා. 

හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කැඳවූ මංගල සැසිවාරය ඝණ පූර්ණය නොමැතිවීමෙන් කල් දැමුණා. පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ නම් ගැසට් කිරීමේ ගැටලූවක් ඊට හේතුවු බවයි වාර්තා වන්නේ.