Friday, September 20, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි

දිනුක් හේවාවිතාරණ




බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් අද (20) රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මිට පෙර ඔහුට අවස්ථා දෙකකදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය මගින් නියෝග කලත් ඔහු එලෙස නොපැමිනියා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන විමර්ශනයට අදාලව මෙම රතු වරෙන්තුව නිකුත් කල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.