Friday, September 20, 2024

General line - 0115112241

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ජයක්




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට කේන් විලියම්සන්ගේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රෝහිත් ශර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 31කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 118ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 87ක් පමණයි.

තරගය මුම්බායිහි වන්කඩේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.