Tuesday, May 14, 2024

General line - 0115112241

2019 අයි සී සී ලෝක කුසලාන තරග කාලසටහන මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර - ක‍්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




2019 අයි සී සී ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පළමු ප‍්‍රතිවාදියා වන්නේ නවසීලන්තයයි. තරගය ජූනි පළමු වනදා ආරම්භ වනවා. ජූනි 04 වනදා ඇෆ්ගනිස්ථානය මුණගැසෙන ශ‍්‍රී ලංකාවට ජූනි 07 වනදා මුණගැසෙන්නේ පාකිස්ථානයයි.

ඉන් පසුව බංග්ලාදේශය,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය සමග ශ‍්‍රී ලංකාව තරග වදිනු ඇති. දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ශ‍්‍රී ලංකාව තරග වදින්නේ ඉන් අනතුරුවයි. ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් කණ්ඩායම ලෙස ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සමග තරග වදිනවා.

2019 අයි සී සී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වෙන්නේ 1992 වසරේ පැවැති තරගාවලි ආකෘතියට අනුවයි. ඒ අනුව තරගාවලියට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 10, සෙසු සියලූ කණ්ඩායම් සමග තරග වදිනු ඇති.

වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගන්නා කණ්ඩායම් 04, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.