Friday, September 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව යළි කැඳවන්න නිවැරදිව නව ගැසට් නිවේදනයක් අවශ්‍යයි

චම්ලි ඒකනායක




වාරාවසාන කර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා නිවැරදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ අවශ්‍යතාව, නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙනවා. 

මෙවර පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ, පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව සඳහන් වුණාට ඒ කවදාද යන්න සඳහන් වෙලා නැහැ. මේ බලය හිමි වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවේ 70 (1) යටතේ ජනාධිපතිවරයාටයි. එතනදි වරදක් වුණනානම් 70(3) යටතේ වෙනස් කිරීමේ හැකියාව තියෙනව. නමුත් මුලින් වූ වරද වන දිනය සටහන් නොමැතිවීම නිවැරදි කරල මැයි 08දා පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා නිකුත් කරපු ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ 70(4) යටතේ බවයි සඳහන් වෙන්නේ. 70(4) තියෙන්නේ මේ කටයුත්ත සඳහා නොවෙයි. එබැවින් යළිත් වරක් 70(3) යටතේ නියමිත දිනය ගැසට් කිරීමෙන් මෙම තත්ත්වය මගහරවා ගන්න පුළුවන්"

පාර්ලිමේන්තුව වාරාවසාන කොට මාස දෙකක් ඇතුළත යළි ආරම්භ කළයුතුය. පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 12දාය. ඒ අනුව ජුනි 12දාට පෙර යළි ආරම්භ කළ යුතුය.