තවත් දින දෙකකින් උදාවන වෙසක් පොහොය නිමිත්තෙන් රට පුරාම මේ වනවිටත් විවිධ කි‍්‍රයාකාරකම් ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය වෙසක් සතිය ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර ඒ නිමිත්තෙන් රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදීයි.
සතියක් පුරා පැවැත්වෙන වෙසක් කලාපය මේ වනවිටත් එහි ආරම්භ වී තිබෙනවා. සමස්ථ ජනතාව බෞද්ධ ප්රබෝධය ඇතිකරවීම මෙහි අරමුණ බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ. මැයි 02දා දක්වා මෙම උත්සවය පැවැත්වෙනවා.