වෙසක් පොහොය නිමිත්තෙන් වන්දනාවේ යන සැදැහැවතුන්ගේ පහසුව සදහා විශේෂ දුම්රිය සේවා සැලසුම් කර තිබෙනවා. ඒ අනුව හෙට පස්වරු 1 ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කිරීමට නියමිතයි. වෙසක් පොහොය යෙදෙන අනිද්දා පස්වරු 6.40 ට තවත් දුම්රියක් අනුරාධපුරයේ සිට කොළඹ කොටුවට ධාවනය කෙරෙනවා.
මීට අමතරව වෙසක් සිරි නරඹන්නන් වෙනුවෙන්ද විශේෂ දුම්රිය සේවා සැලසුම් කර තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. වෙසක් පොහොය දිනයේදි සහ ඊට පසු දිනයේදී එම විශේෂ සේවා සිදුකිරීමට නියමිතයි. කළුතර සහ මරදාන , අලූත්ගම සහ මරදාන, අවිස්සාවේල්ල සහ කොළඹ කොටුව, රඹුක්කන සහ කොළඹ කොටුව අතර එම විශේෂ දුම්රිය සේවා සිදු කෙරෙනු ඇති.