Friday, September 20, 2024

General line - 0115112241

බඩු මිළ ඉහළයාම ආණ්ඩුවට පාලනය කරන්න බැහැ

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක/දිල්ශාන් තුෂාර




පවතින ආර්ථික අර්බුද හමුවේ භාණ්ඩ මිළ තවදුරටත් ඉහළ යාම වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ ආණ්ඩුව මැතිවරණය නිමවන තුරු භාණ්ඩ හා සේවා මිල ඉහළයාම වළක්වාගෙන සිටියද එය තවදුරටත් පාලනය කිරීමට නොහැකි බවයි.

ආණ්්ඩුවට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නොහැකි බව මේවනවිට පැහැදිළි වී ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

---------------------------

රුපියල බාල්දු වෙන්නේ ආණ්ඩුව ගහපු ගිවිසුමක් නිසයි

27-04-2018 13:20

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය දිගින් දිගටම කඩා වැටීම හේතුවෙන් ආර්ථික වශයෙන් නරක විපාක රැසකට ශී‍්‍ර ලංකාව මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ දිගින් දිගටම බඩු මිළ වැඩිවීමද මෙහි ප‍්‍රතිඵලයක් බවයි. 

රුපියලේ අගය මෙලෙස දිගින් දිගටම කඩා වැටෙන්නේ වත්මන් ආණ්ඩුව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශී‍්‍ර ලංකා එළැඹි ගිවිසුමක් නිසා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුව ඊයේ කියාසිටියේ අවශ්‍ය  ඕනෑම විටෙක විදේශ විනිමය අනුපාතය පාලනය කිරීම සදහා තමන්ට මැදිහත් විය හැකි බවයි. අවශ්‍යතාවක් මතු වුවහොත් ඉදිරියේදී ඒ සදහා කටයුතු කරන බවද ඔවුන් කියාසිටියේ. ඊයේ දිනයේ ගණුදෙනු අවසන් වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ සදහන් වුයේ රුපියල් 159 යි ශත 3 ක් ලෙසයි. එහි ගැණුම් මිළ රුපියල් 155 යි ශත 52 ක් ලෙස සදහන් වුණා.