ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සහාය දැක් වූ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා. එ් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවීම හේතුවෙන්. මෙවර කම්කරු දිනයද සිය සංගමය තනිව සමරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර කියා සිටියේ.
ජනතාවගෙන් ඈත් වන පක්ෂයක් සමග තවදුරටත් කටයුතු කිරීම ඵල රහිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලලිත් දේවේන්ද්‍ර.
"වත්මන් ආණ්ඩුවට මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙලා තියෙනවා. අපේ විධායක කමිටුව ස්වාධීන වීමට කළ ඉල්ලීම මම ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිවරයා කිව්වේ ඔයාලා කැමති තීරණයක් ගන්න කියලා. අපේ නිදහස් සේවක සංගමයේ අනූදහසකට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවක් සිටිනවා. ඉතිං පක්ෂය බේර ගන්න එකම ක‍්‍රමය තමයි ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම කියලා අපි ජනාධිපතිවරයාට කිව්වා. මේ ගැන පක්ෂය මහ ලේකම්වරයාටත් මං දැන්වුවා. එහෙත් ඔවුන්ගෙන් එ් පිළිබද ලැබුණේ නිසි ප‍්‍රතිචාරයක් නොවේ. ඉතිහාසයේ පළමු වතාවට අපි වෙනම කම්කරු දිනය සමරන්න තීරණය කළා. හැබැයි අපි මැයි පළමුවැනිදා තමයි මෙය සමරන්නේ. ඒ කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදීයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනකම් අපිට ජනතාව ළගට යන්න බැහැ. ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමේදී අපේක්ෂයක් හොයා ගන්න බැරි තැනට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පත් වේවි. ඉදිරි මහා මැතිවරණයට වගේම ජනාධිපතිවරණටත් මෙම තත්වය බලපාවි." යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.