මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස ප‍්‍රකට සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට, ඔහුගේ බිරිදට සහ නැගණියට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන ජුලි මස 18 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.
මෙම නඩුව පවරා ඇත්තේ රුපියල් කෝටි 40 ක මුදලක් විශුද්ධිකරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට චෝදනා 57 ක් නගමින්. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මේ වනවිට වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මරණ දඩුවමට නියම වී සිටිනවා.