Friday, September 20, 2024

General line - 0115112241

නිමල් සිරිපාලගෙන් තහවුරු කිරීමක්

ලහිරු කපුගේ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එම පක්ෂය නියෝජනය කරමින් පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම එක් නොවන බවට පළවූ විවිධ වාර්තා සම්බන්ධයෙන් අද (27) ශ්‍රීලනිප අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රතිචාර දැක්වූවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ 16 දෙනාගේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට එක්වන බවයි.

ඕනෑම පක්ෂයක් අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති බවත් බෙදීමක් ඇති කරන්නට සැළසුම් කරන්නේ මාධ්‍ය බවද සඳහන් කළා.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මඩකලපුව ප්‍රදේශයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.