Friday, September 20, 2024

General line - 0115112241

ගිලාබැස්ස පාලමෙන් තහනම නොතකා බර වාහන යයි

ජූඩ් සමන්ත - පුත්තලම




නාත්තණ්ඩිය - දංකොටුව මාර්ගයේ පිහිටි තුම්මෝදර පාලම ගිලා බැසීම හේතුවෙන් එම පාලම මතින් බර වාහන ධාවනය කිරීම අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අබලං තත්ත්වයේ පැවති මෙම පාලම ගිලා බැස ඇත්තේ ඊයේ (27) රාති‍්‍රයේයි. කෙසේවෙතත් තහනම නොතකමින් බර වාහන අදාළ පාලම හරහා ගමන් කරන බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.