Friday, September 20, 2024

General line - 0115112241

ගෑස් මිළ 245කින් නගිද්දී බත් පැකට්ටුවත් ගණන් උස්සයි

දිල්ශාන් තුෂාර




ගෑස් මිළ රුපියල් 245 කින් ඉහළ යාම නිසා හෙට සිට බත් පාර්සලයක මිළ රුපියල් දහයකින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඊට අමතරව ආපන ශාලාවල සෙසු ආහාරවල මිළ ගණන්ද ඉහළ යා හැකි බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ආපන ශාලාවල අළෙවි කරන ආහාරවල මිළ නියාමනයට බලයලත් ආයතනයක් නොමැති බවයි ආපන ශාලා හිමියන්ගේ සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.