Friday, September 20, 2024

General line - 0115112241

සරසවි අනධ්‍යයන සේවකයින් යළිත් වර්ජනයට සැරසෙයි

දිල්ශාන් තුෂාර




නැවත වරක් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එහි සමකැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ පැවසුවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සිය වැටුප් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැටළු සහගත චක‍්‍රලේඛයක් හේතුවෙන් මෙම තත්ත්වය පැන නගින බවයි.

බලධාරීන් සමග කළ සාකච්ඡාවේ එකඟ වූ පරිදි 2/2018 කියල චක්‍රලේඛයක් නිකුත් කළා අපි ඒ එකඟතා මත නැවත සේවයට පැමිණියා අපි. එහෙම එකඟතාවයක් සහිතව ගැටළු විසඳාගනිම්න් සිටියදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැතත් ප්‍රශ්නයක් ඇතිවන ආකාරයේ චක්‍රලේඛයක් නිකුත් කරල තියෙනව. ඒ නිසා අපිට ඉදිරියේදී නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න සිදුවෙයි."