Friday, September 20, 2024

General line - 0115112241

අද සවසත් වැසි




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (28) පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලද තැනින් තැන වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සදහා නිකුත් කළ නිවේදනයේ සඳහන්.