Friday, September 20, 2024

General line - 0115112241

ඇල්පිටියට වදුරු බියක්

ඞී ජේ විජේසිංහ




ඇල්පිටිය, කැටන්දොල, උඩෝවිට ප‍්‍රදේශයේ මේ දිනවල සැරිසරන දරුණු වදුරෙකු නිසා ප‍්‍රදේශවාසීන් බියට පත්ව සිටින බව වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම වදුරා පසුගිය කාලසීමාවේදී කාන්තාවක් සහ පාසල් දැරියන් 20 කට අධික පිරිසක් සපා කා ඇති බවයි.

ඒ පිළිබද ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට සහ පොලීසියට මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවටද දන්වා ඇතත් මෙතෙක් එම වදුරා අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.