Friday, September 20, 2024

General line - 0115112241

හෙට දවසේ ඉලක්කයට ආශීර්වාද ගැනීමට 'නව මහ ලේකම්වරයා මහ නාහිමිවරුන්' බැහැ දකී (PHOTOS)




එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (28) මහ නාහිමිවරුන් බැහැ දකිනු ලැබුවා.

ඒ,නව මහ ලේකම්වරයා ලෙස නම් කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී දියත් කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල සඳහා උන් වහන්සේලාගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා යි.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක රාජකිය පණ්ඩිත නාපාන ප්‍රේමසිරි මහානාහිමියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම මැණික්හින්න විද්‍යාසාගර පිරිවෙනේදී සිදු වුණා.

ස්‍යා‍මෝපාලි මහානිකාය මල්වතු පාර්ශව‍යේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානා‍යක මාහිමිපාණන් වහන්සේගේ සහ මල්වතු පාර්ශව‍යේ  අනුනායක අතිපූජ්‍ය කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාද ලබාගැනීම මල්වතු විහාරයේ දී සිදු කෙරුණා.


අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාෙගාඩ ශ්‍රී ඤාරතන හිමිපානන්වහන්සේගේ සහ  අස්ගිරි පාර්ශවයේ  කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්ම රතන නාහිමියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම මහනුවර අස්ගිරිය විහාරයේ දී සිදු වුණා.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දළඳා මාළිගාවට ගොස් දළඳා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීම සිදු කරනු ලැබුවා.