Friday, September 20, 2024

General line - 0115112241

අභියාචනාධිකරණ පත්කිරීම් වලදී මහාධිකරණ විනිසුරුවරුන්ට දැඩි අසාධාරණයක්

දිනුක් හේවාවිතාරණ




අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රමවේදයෙදී ව්‍යවස්ථා දායක සභාව මගින් ඉදිරිපත් කරනු ලබන අනුපාතය හේතුවෙන් හමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට මහාධිකරණ විනිසුරුවරුන්ගේ මහා සභා රැස්වීමේදී අද (28) ඒකමතිකව තීරණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා ව්‍යවස්ථා දායක සභාවටද පැමිණිලි කිරීමට මහාධිකරණ විනිසුරුවරුන්ගේ මහ සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර කේෂත්‍රවලින් පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුත පියවර කුමක්දැයි සාකච්ඡා කිරීම සඳහා මහාධිකරණ විනිසුරු විකුම් කළුආරචිචීගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් උදේ 9.00ට ආරම්භ වුනා. එහිදී මෙම තීරණයන් ගෙන තිබෙනවා.