Friday, September 20, 2024

General line - 0115112241

ඉතිරි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කරන දේ ගැන චන්දිම හෙළි කරයි

ලලිත් චාමින්ද - ගාල්ල




ආණ්ඩුවේ ඉතිරිවී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්තී‍්‍රවරුන්ගෙන් වැඩි දෙනෙකුද ඉදිරියේදී විපක්ෂයට එක්වනු ඇතැයි ඉකුත් දා තනතුරු අත්හල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ති‍්‍රවරුන්ද ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් වෙනුවෙන් ඉදිරියේදී තමන් සමග එක්වනු ඇති බවයි. ගාල්ල හපුගල ප‍්‍රදේශයේ සිය නිවසේදී අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

තනතුරු අත්හල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම මේවනවිටත් විපක්ෂයේ කාර්යය භාර්යය අරඹා ඇතැයිද හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මෙහිදී කියා සිටියා.