Friday, September 20, 2024

General line - 0115112241

පැය 04 ක මෙහෙයුමෙන් පුද්ගලයින් 2630ක් අත්අඩංගුවට




රට පුරා අද (28) සිදු කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 2,630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙසින් අලූයම 04 සිට උදෑසන 08 දක්වා මෙම මෙහෙයුම සිදු කෙරුණු බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. 

අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිසක් අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන්. එවැනි තැනැත්තන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් 633 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධී මද්‍යසාර පිළිබඳ වැරදි සම්බන්ධයෙන්. බලපත‍්‍ර නොමැතිව වැලි ගොඩදැමීම ඇතුලූ ¥ෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් 54 දෙනෙකුද, බලපත‍්‍ර නොමැතිව ගිවි අවි ල`ග තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත්ව රිය පැදවූ 270 දෙනෙකුද පැය 04ක මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

මීට අමතරව මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 8,276 දෙනෙකුට නඩු පවරා තිබෙනවා.