Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා ගැන ඉඟියක්

ඩිල්ෂාන් මඩවල




එක්සත් ජාතික පක්ෂයේ ඉකුත් දා සිදුකෙරුණු ප‍්‍රතිසංවිධාන පිළිබඳව එහි නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න ද අද (28) අදහස් පළ කළා. 

මාධ්‍යවේදීන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ඉරාන්  වික‍්‍රමරත්න කියා සිටියේ සියලූ තනතුරු සඳහා පුද්ගලයින් ඡන්දයෙන් තෝරා ගන්නා පරිදි එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප‍්‍රතිසංවිධානය විය යුතු බවයි.

යෝජිත මෙම ඉදිරි ප‍්‍රතිසංවිධාන ද කඩිනමින් සිදුවනු ඇතැයිද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව අගමැතිවරයා ප්‍රකාශ කල පරිදි නව නායකත්වයකට පක්ෂය භාරදී, නියෝජය නායකයින් ඇතුළු සියලු තනතුරු ජන්දයෙන් තෝරා පත්කර ගනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියආ සිටියේ.

මේ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ සිදු කෙරුණු ප‍්‍රතිසංවිධාන පිළිබඳ ඇති විරෝධතා කඩිනමින් සමනය වනු ඇති බවයි. මීළඟ  ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳවද මෙහිදී ඉඟී පළ කෙරුණා.

කෘත්‍යධිකාරී මණ්ඩලයේ සිටි ජෝසප් මයිකල් පෙරේරා හැර අනෙක් සියලු දෙනාගේ කැමැත්ත පරිදි පක්ෂයේ තනතුරු වෙනස් කල බවයි. එමෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීම් වලදියි.