Monday, April 29, 2024

General line - 0115112241

උඩවලවේ වාන් දොරටු විවෘත කෙරේ




උඩවලව ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර තිබෙනවා. අම්බලන්තොට උතුර, අම්බලන්තොට දකුණු, බෝලාන දකුණු, බෝලාන උතුරු රිදියගම සහ හඳවින්න ඇතුලූ පහළ ප‍්‍රදේශවල වැසියන් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ අතර අද මධ්‍යම රාති‍්‍රය දක්වා කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වලත්, ගාල්ල, මාතර, වවුනියාව සහ මන්නාරම යන දිස්ති‍්‍රක්කවලත් ප‍්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.