Monday, April 29, 2024

General line - 0115112241

වෙසක් වෙනුවෙන් සමරු මුද්දරයක්




රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පැවැත්වුණා. ඒ, බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදීයි. ප‍්‍රශ්ණවලට විසඳුම් සෙවිය යුතු නිවැරදි ක‍්‍රමය බුද්ධ දේශනයෙන් පෙන්වා දී ඇති බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. අභියෝගවලට මුහුණ දීමට කෙනෙකුට ආත්ම ශක්තියද තිිබිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 

තමන් සෑම විටම මහා සංඝරත්නයේ උපදෙස් අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මෙවර සැමරෙන්නේ 2562වැනි වෙසක් උත්සවයයි. ඒ වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක්ද අද පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී නිකුත් කෙරුණා.