Sunday, April 28, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් වෙසක් කලාප දෙකක් හෙට සහ අනිද්දා

ඩිල්ෂාන් මඩවල




හෙටට (29) යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව වෙසක් කලාප දෙකක් සංවිධාන කර තිබෙනවා. 
ඒ නේත‍්‍රාලෝක ධර්මවිජය වෙසක් කලාපය සහ නේත‍්‍රාලෝක ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපයයි. නේත‍්‍රාලෝක ධර්මවිජය වෙසක් කලාපය බණ්ඩාරවෙල නගරයේදී හෙට සහ අනිද්දා පැවැත්වෙනවා. 

බණ්ඩාරවෙල නගරයේ වෙසක් කලාපයක් සංවිධාන කෙරෙන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්. නෙත් එෆ් එම් රේඩියෝවේ පොහෝ දින ශ්වේත පූජා වැඩසටහන හෙට පැවැත්වෙන්නේද බණ්ඩාරවෙල ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරයේයි. 

නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. පහන් කූඩු සහ තොරණ වැනි විචිත‍්‍ර සැරසිලි දැක සිත පහදවා ගැනීමට මෙන්ම උතුම් ධාතූන් වහනේසේ දැක වන්දනා කිරීමටද එහිදී අවස්ථාව හිමිවීම එහි විශේෂත්වයයි. නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය හෙට සිට ලබන මැයි 03වනදා දක්වා පැවැත්වෙනවා.