එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අලූතින් පත්වූ අමාත්‍ය නවීන් දිසානායක අද (28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට කැපවීමෙන් කි‍්‍රයාකරන බවයි ඔහු එහිදී කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට මෙන්ම නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරු සඳහාද වෙනත් කිිසිවෙකු ඉදිරිපත් නොවූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට කිසිඳු සාකච්ඡුාවක් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පොදු තීරණවලට එරෙහිව කිසියම් පසුපෙළ මන්තී‍්‍රවරයෙකු කටයුතු කළහොත් එවැන්නන් සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඔවුන්ගේ මන්තී‍්‍රධූරයන් අහෝසි කරන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග පවසන්නේ. සිදුවූ ප්රතිසංවිධාන ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පසුපෙළ මන්තී‍්‍රවරුන් කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.