Sunday, April 28, 2024

General line - 0115112241

දුෂණ වළක්වාලූයේ නම් ඉන්ධන මිල වැඩිකිරීමට අවශ්‍ය නැහැ

ලලිත් චාමින්ද - ගාල්ල




ඛණිජ තෙල් සංස්ථාවේ වංචා සහ දුෂණ වළක්වාලූයේ නම් ඉන්ධන මිල වැඩිකිරීමට අවශ්‍ය නොවන බව හිටපු ඛණිජ තෙල් අමාත්‍යවරයෙකු වන චන්දිම විරක්කොඩි පවසනවා.  ඔහු ඒ බව පැවසුවේ ගාල්ල හපුගල ප‍්‍රදේශයේ සිය නිවසේ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ගෑස් මිල වැඩිකිරීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීමකට පිළිතුරු ලබා දෙමින්.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩා වැටීම පිළිබඳවද හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මෙහිදී අදහස් පළ කළා. ඔහු පැවසුවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සම`ග ගිවිසුමකට එළඹියේද රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට බවයි. එහෙත්, ආණ්ඩුව නැවත නැවතත් අසාර්ථක වෙමින් ඇතැයිද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

ආණ්ඩුවේ ඉතිරි වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ති‍්‍රවරුන්ගෙන් වැඩි දෙනෙකු හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්ද ප‍්‍රගතිශීලි ආණ්ඩුවක් වෙනුවෙන් ඉදිරියේදී තමන් සමග එක්වනු ඇතැයි හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවා.