Friday, September 20, 2024

General line - 0115112241

ගෑස් මිල පෙන්වා ආහාර මිල වැඩි කිරීමට එරෙහිව විරෝධය

ඩිල්ෂාන් මඩවල




ගෑස් මිල වැඩිවූ පමණින් ආහාර මිලද වැඩි කිරීමට ආපනාශාලා හිමියන් ගෙන ඇති තීරණයට පාරිභෝගිකයන් විරෝධය පළ කරනවා.

ගෑස් මිල සංශෝධනය කෙරුණේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කෙරෙන පරිදියි. ඒ බව සැලකිල්ලට ගෙන බත් පාර්සලයක මිල හෙට (30) සිට රුපියල් 10කින් වැඩිකරන බවද සෙසු ආහාරවල මිලද ඒ අනුව ඉහළ දමන බවද සමස්ථ ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පැවසුවා.

ඊට ප‍්‍රතිචාර දක්වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරන්නේ කෑම පාර්සලයක මිල රුපියල් 10කින් වැඩි කිරීම අසාධාරණ බවයි. මිල වැඩි කරන්නට උත්සහ ගන්නා ආපනාශාලා හිමියන් කිසි දිනෙක ප්‍රමිතියෙන් යුතු කෑම පාර්සලයක් පාරිභෝගිකයා වෙනුවෙන් ලබා දීමට පියවර ගෙන නැති බවද සඳහන් කළා.

ආහාර මිල නියාමනය සඳහා රජය විධිමත් ක‍්‍රමයක් හඳුන්වා දියයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.